Monday, November 27, 2017

Introdution to Hardware





ඔබට අලුත්  හෝ පරණ කොටස් උපයෝගී කරගෙන ඔබගේ නිවසේදීම පරිගණකයක් එකලස් කරගැනීමට හැකියාවක් ඇත ,බොහෝ දෙනෙකුට මෙසේ පරිගණකයක් එකලස් කිරීමේ හැකියාව ඇති මුත් නොදන්නා සීමිත පිරිස සදහා මෙසේ මුලික කොටසේ සිට හදුන්වා දීමට බලාපොරොත්තුවෙමි

පරිගණකයක් එකලස් කිරීම කොටස් තුනක් ඔස්සේ ඔබට පැහදිලිව ලබා දීමට සුදානම් වන අතර හතරවන කොටස ලෙස Operating System එකක් ඉන්ස්ටෝල් කරගන්න ආකාරයත් ලබාදීමට බලාපොරොත්තු වෙමි.
 
  1. පලමු කොටස  - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම
  2. දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම
  3. තුන්වන කොටස - Bios සැකසීම හා යාවත්කාලන නොහොත් අලුත් කිරීම ( To Fix Bios setting and Update )
  4. හතර වන කොටස - Operating System ඉන්ස්ටෝල් (install ) කිරීම








01. පලමු කොටස   - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම

මෙහි දී ඉදිරිපත් කරණ කරුණු  පරිගණක පිලිබඳ නොදන්නා කෙනෙකුට වැදගත්  විය හැක. මෙහිදී පරිගණකයකට අවශ්‍ය මුලික කොටස් පිලිබඳ මූලික හැදින්වීමක් කෙරෙන අතර එය ඔබට  විස්තරාත්මක වැඩි වීමට හෝ අඩු වීමට පුළුවන.
අවශ්‍ය වන කොටස්, මෙහිදී ඔබට ඕනෑතරම් අංග උපාංග  අනන්තවත් සම්බන්ද කිරීමට හැකියයාවක් තිබෙන මුත් මෙහිදී හදුනාගන්නේ ඉතාමත්   අත්‍යවශ්‍යම  උපාංග කීපයක් පමණි 



ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන කොටස්
  • Case ( කවරය) සමග Power Supply ( විදුලි සැපයුම්  ඒකකය)
  • Motherboard (මවු පුවරුව නොහොත් ප්‍රධාන පරිපථය)
  • ප්‍රොසෙසරයක් (CPU)
  • Memory (RAM)
  • Hard Drive
  • Expansion Cards විශේෂයෙන් Video Card
 
අනික් කොටස්(Optional parts)
  • CD/DVD/BD Drive – අත්‍යවශ්‍යම නැ නමුත් නැතුවම බැරි දෙයක් OS එක ( Windows/Linux/Ubuntu ) වගේම, මෘදුකාංග (Software ) ඉන්ස්ටෝල් කර ගැනීමට ( මේ සදහා USB Drive ද පාවිච්චි කරන්න පුළුවන් )
  • Monitor - LED/LCD/ CRT  කුමක් හෝ
  • Keyboard/Mouse ( යතුරු පුවරුව/මූසිකය )
  • Speakers
මෙහිදී අමතර කොටස්ද ඕනෑතරම් ඇත එය ඔබේ අවශ්‍යතාවය පරිදි සකසා ගන්න 

ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්

Case (කවරය)
  • Case එක තොර ගැනීමේදී  ප්‍රධාන පරිපථයේ  ප්‍රමාණය ( Motherboard  size එක ) ගැන අවදානය යොමු කල යුතු අතර  එහි උපාංග සවිකිරීමට ඇති හිඩැස් [ රාක්ක (Bays ) සහ Card වැනි දැ  සදහා ඇති හිඩැස් (expansion slots) ] ප්‍රමාණවත් දැයි නිර්ණය කල යුතුයි. මධ්‍යයම ප්‍රමාණයේ Case එකක් වඩා  සුදුසුය.Full,Mid  Mini Tower ලෙස ප්‍රධාන Casing වර්ග 03කි. බොහෝ දුරට භාවිතා  වන්නේ පහත  රූපයේ සඳහන් Tower Casing වේ



Power Supply ( විදුලි සැපයුම්  ඒකකය)
  • Motherboard ( මවුපුවරුව ) ,Hard Drive(දෘඩ තැටියට) හා Optical Drive  ( CD /DVD /BD ) සදහා ප්‍රධාන වශයෙන් විදුලිය සපයනු ලබන්නේ මෙම  විදුලි සැපයුම්  ඒකකය ( Power Supply ) මගිනි. එනම්  පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය සපයනු ලබන්නේ මෙම කොටස මඟිනි.AT  ,ATX  හා ATX -02 ලෙස
    Power Supply
    වර්ග 03 කි.

 
Power Supply Unit




Power Supply හි කේබල්  පරිගණකයේ උපාංග  වලට සවි කිරීම  ඉතා පහසු වනුයේ  සවිකිරීමේදී වැරදීමේ හෝ මාරුවී සවිවීමේ අවධානමක් නැති නිසාය . පහත ආකාරයේ වර්ග දෙකක් ඔබට වෙලද පොලේ දැකිය  හැකි අතර වෙනස් වර්ගද තිබේ ,බොහෝවිට දැකිය හැක්කේ මේවාය.



ඔබට ඊළඟට එන ප්‍රධාන ගැටලුව වන්නේ මදර්බෝර්ඩ් එක සහ ප්‍රොසෙසරයක්  නොහොත් CPU (Central processing unit ) එක තෝරා ගැනීමේදීය ,CPU හෙවත් ප්‍රොසෙසරය මදර්බෝර්ඩ් එකට සවිකිරීම සිදුකරනේ එහි ඇති Socketඑකෙහි Pin ප්‍රමාණය අනුව ය. මෙහිදී අප තෝරා ගත යුත්තේ කුමන වර්ගයේ ප්‍රොසෙසරයක්ද යන්න  හදුනාගතයුතු වෙනවා.තම ඇති මුදලට සරිලන ප්‍රොසෙසරයක් තෝරා ගෙන එයට සරිලන මදර්බෝර්ඩ් එකක් තොර ගැනීම වඩා සුදුසුය. 

 
Motherboard (මවු පුවරුව / ප්‍රධාන පරිපථය) 
  • අප දැන් ඉතාමත් කෙටියෙන් මදර්බෝර්ඩ් සහ ප්‍රොසෙසර හදුනා ගනිමු ,මුලින්ම මදර්බෝර්ඩ් හදුනා ගනිමු.
අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් වර්ගය  වනුයේ  ATX ය, එසේම පහත ආකාරයේ මදර්බෝර්ඩ් වර්ග ද ඇත, ඒවා කිහිපයකට අදාල ප්‍රොසෙසර ද හදුනා ගන්න. 
  • XT( eXtended Technology) Motherboards






උදාහරණ : Pentium-I, Pentium-MMX, Pentium -II සහ Pentium-II Processors
  • AT  ( Advance Technology ) Motherboard
උදාහරණ :Pentium-III Processors
  • Baby AT Motherboards
උදාහරණ : Pentium-III and Pentium-IV
  • ATX (Advanced Technology eXtended )Motherboard ( අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් වර්ගය )
උදාහරණ : Pentium-IV, Dual Core, Core 2 Duo, Quad Core, i3, i5 and i7 Processors.
  • ඊට අමතරව LPX Motherboard,NLX Motherboard,Pico BTX Motherboard,Mini ITX Motherboard සහ BTX Motherboard  යනුවෙන් මදර්බෝර්ඩ් වර්ග කීපයක්ද ඇත .
continue...



No comments:

Post a Comment